මීතොටමුල්ලෙන් අවතැන්වූ අභියාචනා ඉදිරිපත් කර ඇති ජනතාවට කඩිනමින් වන්දි දෙනවා

මීතොටමුල්ලෙන් අවතැන්වූ අභියාචනා ඉදිරිපත් කර ඇති ජනතාවට කඩිනමින් වන්දි දෙනවා

April 19, 2018   01:23 pm



මීතොටමුල්ල කසල කන්ද නායයෑමෙන් ඉඩම් අහිමිවිම සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර  වන්දි ලබා ගැනිමට ඉල්ලුම් කර ඇති ජනතාවට කඩිනමින් වන්දි ලබාදීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  මහතා පවසයි.

එමෙන්ම හානියට පත් වූ රථ වාහනවල ලිපි ලේඛන අස්ථානගතවිමෙන් ජනතාවගේ ජිවන වෘත්තීන්වලට බලපෑම් එල්ල වී ඇති නිසා අදාල තොරතුරු කඩිනමින් ලබාගෙන වන්දි ලබාදීමට අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය. 

මීතොටමුල්ල කසල කන්ද සම්බන්ධයෙන් අද (19) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම දැනට රජයෙන් ලබාදි ඇති නිවාස ලබා නොගෙන නිවාස ආධාර ලබා ගන්නා ජනතාවට ආධාර ලබාදීමේ කාලය මැයි මස දක්වා දීර්ඝ කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.