එජාප  ප්‍රතිසංවිධාන කමිටුව අද යළි රැස්වෙයි

එජාප ප්‍රතිසංවිධාන කමිටුව අද යළි රැස්වෙයි

April 19, 2018   12:36 pm


එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව අද (19) යළි රැස්වේ.

අද පස්වරු 03.00ට අරලියගහ මන්දිරයේදී ප්‍රතිසංවිධාන කමිටුව රැස්වන බව රාජ්‍ය  අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා මැති ඇමතිවරුන් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගියදා පත් කරනු ලැබීය.

එම කමිටුව පසුගියදා පළමු වරට රැස් විය.