ප්‍රදේශ කිහිපයක අනතුරුවලින් 4 ක් මරුට - 4 කට තුවාලයි

ප්‍රදේශ කිහිපයක අනතුරුවලින් 4 ක් මරුට - 4 කට තුවාලයි

April 19, 2018   12:01 pm



ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

කැබැතිගොල්ලාව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක රියදුරුට නින්දයාම හේතුවෙන් ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර එහි ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු  පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා කැබැතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

 එහිදී එක් කාන්තාවක් මියගොස් තිබේ.

වැල්ලවත්ත ප්‍රදේශයේදී බස් රථයකට යටවීමෙන් 24 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

ගලේවෙල ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් 65 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර හලාවත ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක්විමෙන් 47 හැවිරිදි පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වේ.