අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත වීමෙන් ගං වතුර තත්ත්වයක්-පරණ මන්නාරම පාර තාවකාලිකව වැසෙයි

අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත වීමෙන් ගං වතුර තත්ත්වයක්-පරණ මන්නාරම පාර තාවකාලිකව වැසෙයි

April 19, 2018   10:59 am

අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීම හේතුවෙන් එළුවන්කුලම ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් ඇතිවීමත් සමඟ පුත්තලම මන්නාරම මාර්ගය (පරණ මන්නාරම පාර) තාවකාලික වසා දැමා ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

වාන් දොරටු දෙකක් විවෘත කිරීමෙන් එළුවන්කුලම ප්‍රදේශය හරහා මෙම ජලය ගලා බැසීම නිසා කොප්පවේ පාලමට උඩින්  අඩි 2කට වැඩි ජල ප්‍රමාණයක් පවතින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් පරණ  මන්නාරම මාර්ගය තවකාලිකව අවහිරවී ඇති බවත් මෙම මාර්ගය භාවිතා කරනන්ට විකල්ප මාර්ග භාවිතාකරන ලෙසත් අපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඉල්ලාසිටියි.

මෙම තත්ත්වය තඳ බල තත්ත්වයක් නොවන අතර එම මාර්ගය  භාවිතා කිරීමෙන් වැලකී සිටින ලෙසත් ගැටළුවක් හෝ තොරතුරක් අවශ්‍යනම් 117 දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස එම මධ්‍යස්ථානය ඉල්ලීම් කරයි.