ශ්‍රී ලාංකික සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් ස්විස්ටර්ලන්තයේදී අනතුරකට පත්වෙයි

ශ්‍රී ලාංකික සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් ස්විස්ටර්ලන්තයේදී අනතුරකට පත්වෙයි

April 19, 2018   10:48 am



ශ්‍රී ලාංකික සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක්  ස්විස්ටර්ලන්තයේදී අනතුරට ලක්විමෙන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.

ස්විස්ටර්ලන්තයේ  සූරිච් නගරය ආසන්න මාර්ගයකදී අදාළ බස් රථය ට්රික් රථ දෙකක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ අදාළ බස් රථයේ පුද්ගලයින් 40 දෙනෙකු සිට ඇති බව සඳහන්ය.

තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙකු සිටින බව වාර්තා වේ.

ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.