අමෙරිකාව මෙරට ස්වෛරීභාවයට හානි වන යෝජනා ඉදිරිපත් කරලා
April 19, 2018 07:41 am
මෙරටට ජී.එස්.පී සහනය ලබාගත යුත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ කොන්දේසිවලට යටත්ව නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
මෙවර ජී.එස්.පී සහනය මෙරටට ලබාදීම සඳහා අමෙරිකාව විසින් මෙරටට ස්වෛරීභාවයට හානි වන යෝජනා ඉදිරිපත් කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජී.එස්.පී සහනය මෙරටට ලැබීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව සඳහන් කළේය.