වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

April 19, 2018   05:49 am



පවත්නා වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (19) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වැසි ඇති වේ.

බස්නාහිර සහ දකුණ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද නිකුත් කළ කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙයි.