යාපනයේ වලිකාමම් වැසියන් දේව පූජාවක් පවත්වයි

යාපනයේ වලිකාමම් වැසියන් දේව පූජාවක් පවත්වයි

April 18, 2018   09:50 pm



යාපනයේ වලිකාමම් පළාතේ වැසියන්ට යුධහමුදාව මඟින් ලබා දුන් ඉඩම්වල පදිංචි වීමට පෙර අද(18 ) උදෑසන වලිකාමම් මයිලිට්ටි ගම්මානයේ වැසියෝ එම ගම්මානයට පැමිණ දේව පූජාවක් පැවැත්වූහ.
 
යුද සමයේදී මෙම ගම්මානවල තිබූ කෝවිල් විනාශ වී ගොස් ඇති බැවින් කුඩා කෝවිලක් අසල එම දේව පූජාව පවත්වා යළි පදිංචියට පැමිණෙන ජනතාවට අතුරු අන්තරාවලට මුහුණ දීමට නොලැබේවායි එම වැසියෝ ප්‍රාර්ථනය කොට තිබේ.

යුධ හමුදාව විසින් පසුගිය 12 වෙනිදා යාපනයේ වළිකාමම් පළාතේ ඉඩම් අක්කර 683 ක් නිදහස් කොට ඒවායෙහි අයිතිකරුවන් වෙත බාර දෙන ලද්දේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංහිඳියාව ගොඩනැගීමේ  අරමුණින් යුතුවය.

මේ ඉඩම්වල අයිතිය තහවුරු කිරීම සඳහා අදාළ ලියවිලි  යාපනය තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත එහි වැසියන් විසින් බාර දී ඇති අතර ඔවුන්ට නියත වශයෙන් ඉඩම් ලබා දීම රජයේ නිලධාරීන් අතින් මෙතෙක් සිදු වී නොමැත.