වෑන් රථයක් අඩි 80ක ප්රපාතයකට පෙරළෙයි
April 18, 2018 09:09 pm
තලවකැලේ, ලිදුල නාගසේන - තලවකැලේ දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලාඔය අසලට පෙරළී දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ලිදුල පොලීසිය පවසයි.
අද(18) පස්වරු 3.45ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ තලවකැලේ ඩයගම ප්රධාන මාර්ගයේ ලිදුල නාගසේන බෙල්ගේරියා වත්ත ප්රදේශයේදීය.
අධික වේගයෙන් ධාවනය වී ඇති වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 80 පමණ ප්රපාතයෙන් වු කොත්මලාඔය අසලට පෙරළි ඇති බවත් අනතුරින් වැන් රථයේ රියදුරා සහ තවත් එක් අයෙක් තුවාල ලබා ලිදුල රෝහල වෙත ඇතුළත් කර ඇති බව අනතුර පිළිබඳ පරික්ෂණ පවත් වන ලිදුල පොලීසිය සඳහන් කරයි.
අධික වේගයෙන් ධාවනය වී ඇති වැන් රථය ලිස්සා ගොස් මෙම අනතුර සිදු වී ඇති බව ලිදුල පොලීසිය පවසයි.