ස්විස්ටර්ලන්තයෙන් උතුරට ලැබෙන දේ මෙන්න

ස්විස්ටර්ලන්තයෙන් උතුරට ලැබෙන දේ මෙන්න

April 18, 2018   07:49 pm



උතුරු ප්‍රදේශය තුළ අක්කර දහසකින් සමන්විත තණ බිමක් සැකසීම සඳහා උතුරු පළාත් සභාවේ අනුමැතිය ලැබී තිබේ.

ස්විස්ටර්ලන්තයේ ආධාර මත උතුරු ප්‍රදේශයට ලැබෙන මෙම තණ බිම මුලතිව් දිස්ත්‍රික්කයේ පිහුටුවීමට පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කොට ඇති අතර ඒ සඳහා සුදුසු ඉඩමක් නිර්දේශ කරණ ලෙස පළාත් කෘෂිකර්ම ලේකම්වරයා මුලතිව් දිසාපතිනියගෙන් ඉල්ලීමක් කොට තිබේ.

මේ අන්දමට ඉදිකරණු ලබන තණ බිම උපයෝගී කරගෙන උතුරු පළාතේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය බලාපොරොත්තු වෙයි.

මුල් අදියරයේදී අක්කර 300 ක් තණකොළ වගා කොට ඉතා ඉක්මනින් කිරි දෙණුන් එම තණ බිමට යෙදවීමට තීරණය කොට තිබේ.

කිරි දෙණුන් යෙදවීම පාලනය කිරීම ඇතුළු සියළුම කටයුතු පළාත්වල ගොවි සංවිධාන හරහා සිදු කිරීමට නියමිතව ඇති අතර උතුරේ ගොවීන්ට නොමිලේ කිරි දෙණුන් සපයා දීමටද කෘෂිකර්ම අමාත්‍යංශය බලාපොරොත්තු වෙයි.

මුලතිව් දිස්ත්‍රික්කයෙන් ඉඩමක් ලැබුණු විගස එහි මූලික කටයුතු ආරම්භ කිරීමටත් ලබන ඔක්තෝබර් මාසයේ තණකොළ වගා කිරීම ආරම්භ කිරීමටත් උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය බලාපොරොත්තු වෙයි.