ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී අනුමැතිය ගන්නවා
April 18, 2018 07:19 pm
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ඉදිරියේදී රැස්වීමට නියමිත පක්ෂ මධ්‍යම කාරක සභාවේදී අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බව හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 41 දෙනාගෙන් කිහිපදෙනෙකු හැරෙන්නට සෙසු සියලුම දෙනා මේ වන විට එක් මතයක සිටින බව එස්.බී දිසානායක මහතා පවසයි.