මහජන පුස්තකාලයේ හදිසි ගින්නක්

මහජන පුස්තකාලයේ හදිසි ගින්නක්

April 18, 2018   07:00 pm



යාපනයේ කාරතීව් මහජන පුස්තකාලය ඇතුළත හදිසි ගින්නක් හටගෙන තිබේ.

එම ගින්නෙන් පුස්තකාලයේ පුවත් පත් අංශයට හා සගරා අංශයට හානි සිදු වී ඇති අතර දොර ජනෙල් කීපයක් ද ගින්නට හසු වී පිළිස්සී ගොස් තිබේ.

මහජන පුස්තකාලය තුළ හා ඒ අවට සිටි පිරිස් වහාම පැමිණ ගින්න නිවා දමා ඇත.

කාරතීව් ප්‍රාදේශීය සභාව මඟින් මෙම පුස්තකාලය පාලනය වන අතර ප්‍රාදේශීය සභාවේ සභාපති පී,ක්‍රිෂ්ණපිල්ලේ මහතා සිද්ධිය වූ අවස්ථාවේදී එතැනට පැමිණ පසුව පොලීසියට  සිද්ධිය පිළිබඳව පැමිණිලි කොට තිබේ.

පොලීසිය පැමිණ පුස්තකාල භූමියට ඇතුළු වීම සියලුදෙනාටම තහනම් කොට ඇති අතර ඒ අවස්ථාවේදී පුස්තකාලයේ සේවය කරමින් සිටි හතර දෙනාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කොට තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කාරතීව් පොලීසිය මේ සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.