සම්බන්ධන් විපක්ෂ නායකධූරයේ හිටියට වැඩක් නෑ

සම්බන්ධන් විපක්ෂ නායකධූරයේ හිටියට වැඩක් නෑ

April 18, 2018   06:35 pm




ජාතික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට ආණ්ඩුවට යෝජනා ඉදිරිපත් කිරීමට නොහැකි නම් ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායකධූරයේ කටයුතු කිරීම ප්‍රයෝජනයක් නොමැති බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මනෝ ගනේෂන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.