පුත්තලම මූලික රෝහලේ හෙද හෙදියන් ලෙඩ නිවාඩු ගිහින්

පුත්තලම මූලික රෝහලේ හෙද හෙදියන් ලෙඩ නිවාඩු ගිහින්

April 18, 2018   04:26 pm

පුත්තලම මූලික රෝහලේ හෙද හෙදියන් සේවයට වාර්ථා නොකර ලෙඩ නිවාඩු දැමීම හේතුවෙන් සියලුම ඒකකවල වැඩ කටයුතු අද(18) අඩාලවි තිබේනු බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

පුත්තලම මූලික රෝහලේ නියමිත කාලය ඉක්මවමින් වසර 7, 8 ,10 ,11, සේවය කළ හෙද හෙදියන් 15 දෙනෙකුගේ නියමිත කාලවකවානුවලදී ස්ථාන මාරු ලබා නොදීමට විරෝධය පළකරමින් එම ස්ථාන මාරු වහාම ක්‍රියාත්මක කරන ලෙසට බල කරමින් රෝහලේ සමස්ථ හෙද කාර්ය මංඩලයෙන් 160 කට ආසන්න ප්‍රමාණයක් ලෙඩ නිවාඩු දමා  සේවයට වාර්තාකර නොතිබු බව රෝහල් බලධාරියකු පැවසිය.
 
නමුත් රෝහලේ හදිසි සහ අනිකුත් කටයුතු වෙනුවෙන් හෙද හෙදියන් 13 දෙනෙකු සේවයට වාර්තා කළ සිටි බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරයි.

සේවාකාල සීමාව ඉක්මවමින් පුත්තලම මූලික රෝහලේ සේවය කළ හෙද හෙදියන් 23 දෙනෙකුට අදාළ ස්ථාන මාරු ලබා දෙන ලෙස ඉල්ලමින් පසුගිය මාර්තු 22 දින ද රෝහල් භුමියේ  උපවාසයක්ද අරඹා තිබු අතර එහිදී  රෝහල් අධ්‍යක්ෂවරයා විසින් 8 දෙනෙකුට ස්ථාන මාරු ලබා දීමට පියවර ගෙන තිබුනද ඉතිරි පිරිසට මෙතෙක් ස්ථාන මාරු ලබා නොදීම ට කටයුතු නොකිරීමට විරෝධය පළකරමින් අද දින මෙසේ රෝහලේ සමස්ථ හෙඳ කාර්ය මංඩලය සේවයට වාර්තා නොකිරීම නිසා රෝහල් කටයුතු අඩාලව තිබේනු දැක ගත හැකි විය.

හෙද වැඩ වර්ජනය පැවතුනද  භාහිර රෝගි අංශය පමණක් ක්‍රියාත්මක වුවද භාහිර රෝගි අංශයේ ලේ සාම්පල ලබා ගැනිමේ එකකය වසා තිබු අතර එයට අමතරව සියලුම සායන සදහා හෙඳ කාර්ය මංඩලය සහභාගි නොවු බව දැක ගත හැකි ව ඇත.

 එසේම සියලුම වාට්ටු තුළ රැදි  සිටියේ හෙද හෙදියන් 13 දෙනෙකු පමණක් වන අතර ඇතැම් වාට්ටු තුළ හෙද හෙදියන් කිසිවකු නොසිටි බව දැක ගත හැකි විය. 
 
මේ හේතුව නිසා රෝගීන් දඩි අසිරුතාවයට පත්ව තිබේනු දැක ගත හැකි විනි . 

ලේ , මුත්‍රා සහ අනිකුත් සායන වලට සාමිපල් පරික්ෂාවට 18දින අළුයම සිට පැමිනි රෝගින් දහවල් වන තුරුම එම ස්ථානවල රැදී සිටිනු දැක ගත හැකි විනි .