ශ්‍රීලනිප යේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා මෙන්න
April 18, 2018 03:05 pm
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට සුදුසුම පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පක්ෂයේ සියලු දෙනා එක් පවුලක් ලෙස කටයුතු කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මේ අතර වැඩි මිලට පොහොර අලෙවි කරන ස්ථාන පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුවත් කරන ලෙසද කෘෂිකර්ම අමාත්‍යරයා ගොවින්ගෙන් ඉල්ලීමක් කරයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ පොහොර හිඟයකින් තොරව ලබා දීමට මේ වනවිට කටයුතු කර ඇති බවයි.
මේ අතර ගොවිජන සේවා මධ්‍යස්ථාන සඳහා පොහොර නිකුත් කිරීමට අක්කර 5ට වඩා අඩු වී ගොවීන්ට රුපියල් 500 බැගින් හා අමතර බෝග ගොවින්ට රුපියල් 1500 ක් ලබා දීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
කෙසේ වෙතත් මෙම මිල ගණන්වලට වඩා වැඩි මිලට බෝග විකුණන පුද්ගලයින් සිටි නම් ඒ පිළිබඳ 0113036666 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි.
මෙම සහනාධාරය ලබා දීමට වී ගොවීන්ට රුපියල් 3000 ක මුදලක් හා අමතර බෝග ගොවීන් සඳහා රුපියල් 2000 ක මුදලක් රජය විසින් දරණ බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.