රනිල්ට අවශ්‍ය ජනාධිපති ධූරයේ බලය නැති කරන්න

රනිල්ට අවශ්‍ය ජනාධිපති ධූරයේ බලය නැති කරන්න

April 18, 2018   02:57 pm

අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහට මහතාට මේ වන විට අවශ්‍ය වන්නේ ජනාධිපති ධූරයේ බලය නැති කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

සමාජවාදි ජනතා පෙරමුණේ අද(18) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනාධිපති ධූරය අහෝසි කරන ලෙස කළ ඇති යෝජනාව තමන්ගේ අතට ගැනීමටත් එයට රුකුලක් දීමටත් එක්ස ජාතික පක්ෂය උත්සහයක් ඇති බව ඒ මහතා සඳහන් කරයි.

ප්‍රතිපත්තියක් ලෙස ජනාධිපති  ක්‍රමය වෙනස් විය යුතු බව මන්ත්‍රීවරයාද පිළිගන්නා බවත් දේශපාලන බල තුළනය අගමැතිවරයාගේ අභිමතය පරිදි  සම්පුර්ණයෙන් ඔහුගේ යටතට ගැනීමේ හැකි වන තත්ත්වයක ජනාධිපති ධූරයේ බල නැති කිරීම රටට අනතුරුදායක බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.