ඇල්ලේ වැවට ජලය නැතිව ජනතාව දැඩි දුෂ්කරතාවයක

ඇල්ලේ වැවට ජලය නැතිව ජනතාව දැඩි දුෂ්කරතාවයක

April 18, 2018   02:26 pm

දිඹුලාගල ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ඇල්ලේ වැව ශාන්තාලෝක ගම්මානයේ ජනතාව පානිය ජලය නොමැතිවිම හේතුවෙන් දැඩි  අසිරුතාවට  පත්ව  සිටියි.

ඇල්ලේ වැව ගම්මානයට පානිය ජලය ලබාදිම සඳහා ඌතුරු මැද පළාත් සභාවේ මුල්‍ය ප්‍රතිපාදන මත පානිය ජල ව්‍යපෘතියක් ආරම්භ කළත් එය අද වන විට අතරමග  නතර වි තිබේ.

1996 වසරේ මහවැලි ගම්මානයක් ලෙස එහි ජනතාව  පිදිංචි කර ඇති අතර අද වන විට එම ගම්මානයේ පවුල් 60 කට අයත් 260කට ආසන්න ජනතාවක් පානිය ජලය නොමැතිවිමෙන් පීඩා විදින බව වාර්තා වෙයි.

එම පානිය ජල ව්‍යාපෘතියට අදාලව ජලය ලබාගැනිම වෙනුවෙන් ඉදිකරන ලද ළිඳ සහා ප්‍රධාන ජල ටැංකිය අද වන විට වල් බිහිවි විනාශ විමේ අවදානමකට ලක්ව ඇති ආකාරය අපට දක්නට ලැබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් බලධාරින් කොතෙකුත් දැනුවත් කළත්  නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවට ජනතාව චෝදනා කරයි.