යාපනේ වසර 36කට පස්සේ වෙච්ච දෙයක්

යාපනේ වසර 36කට පස්සේ වෙච්ච දෙයක්

April 18, 2018   12:18 pm



යාපනයේ කාරතීව් මුහුදු තීරයේ වසර තිස් හයකට පසුව යාන්ත්‍රීක බෝට්ටු තරඟයක් පසුගියදා සංවිධානය කොට තිබූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

යාපනයේ කාරතීව් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කළ මෙම යාන්ත්‍රික බෝට්ටු තරඟය සඳහා බෝට්ටු විස්සක් තරඟ කරුවන් විසින් ඉදිරිපත් කරන ලද අතර ජයග්‍රගණය  කළ පිරිසට වෙළඳසමාගම් කීපයක් විසින් ඉතා වටිනා ත්‍යාග ලබාදී තිබේ.

යාපනයේ එක්සත් ක්‍රීඩා සමාජය විසින් කාරතීව් මුහුදු තීරයේදී 1982 වර්ෂයේදී යාන්ත්‍රීක බෝට්ටු තරඟයක් සංවිධානය කිරීමෙන් පසුව  මෙවර යාපනයේ කාරතීව් ක්‍රීඩා සංඟමය විසින් මෙම බෝට්ටු තරගාවලිය සංවිධානය කොට තිබුණි.

මෙම යාන්ත්‍රික බෝට්ටු තරඟය බොහෝ කලකට පසුව පැවති තරඟයක් බැවින් එය දැකබලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.

මේ තරඟය  සඳහා නාවික හමුදාවෙන් හා පොලීසියෙන් විශාල සහයෝගයක් ලබා දුන් බව කාරතීව් ක්‍රීඩා සමාජය පැවසීය.