ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මත්තලට

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මත්තලට

April 18, 2018   12:02 pm



ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන Antanov An-225 Mriya යානය ඉන්ධන ලබා ගැනීමට හා කාර්ය මණ්ඩල විවේකය සඳහා අද(18) පෙරවරු 6.35 පමණ මත්තල ගුවන් තොටුපළට ගොඩ බැස්සු බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

රුසියාවට අයත් මෙම ගුවන්යානය මැලේශියාවේ සිට කරච්චි නුවර බලා පිටත්ව යන අතරතුර දී මෙලෙස ගොඩ බස්සා ඇති බව වාර්තා වෙයි.

කාර්ය මණ්ඩලය 24 දෙනෙකුගෙන් සමන්විත මෙම ගුවන් යානය අද රාත්‍රීයේ කරච්චි නුවර බලා පිටත්වීමට නියමිත බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරයි.