සිරිපා කරුණා කරන්න ආව බස් රථයට බීමතින් ගොඩ වුණු පුද්ගලයෙක් මාර්ගයට ඇද වැටී රෝදයට හසුවෙයි

සිරිපා කරුණා කරන්න ආව බස් රථයට බීමතින් ගොඩ වුණු පුද්ගලයෙක් මාර්ගයට ඇද වැටී රෝදයට හසුවෙයි

April 18, 2018   10:45 am

ශ්‍රී පාද වන්දනාවේ පැමිණ වන්දනාකරුවන් පිරිසක් රැගෙන ආපසු ධාවනය වෙමින් සිටි බස් රථයකට යට වී පුද්ගලයෙකු බරපතළ තත්ත්වයෙන් මහනුවර ශික්ෂණ රෝහල වෙත යවා ඇති බව නෝටන්බ්‍රිජ් පොලීසිය පවසයි.

ඊයේ(17) රාත්‍රි 8.30 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ ගිනිගත්හේන නල්ලතන්නිය  ප්‍රධාන මාර්ගයේ නෝටන්බ්‍රිජ් ටැප්ලෝ ප්‍රදේශයේදීය.

ගාල්ලේ සිට ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිස ශ්‍රී පාදය කරුණා කිරිමෙන් පසුව එම වන්දනාකරුවන් පිරිස රැගෙන යළිත් බස් රථය ගාල්ල බලා ධාවනය කරන අතරතුරයි මෙම අනතුර සිදු වි ඇත.

ධාවනය වෙමින් තිබු බස් රථයට බිමත්ව පැමිණී තුවාලකරු ඉදිරිපස දොරටුවෙන් බස් රථයට ගොඩවිමට උත්සහ කිරිමේදි ඔහු බස් රථයෙන් මාර්ගයට ඇද වැටි බස් රථයේ ඉදිරිපස රෝදයට යටවිමෙන් මෙම අනතුර සිදුවි ඇති බවත් තුවාලකරු නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන බවත් අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලීසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම බස්රථයේ පැමිණි වන්දනාකරුවන්ව වෙනත් බස් රථයකින් ගාල්ල දක්වා යැවිමට නෝටන්බ්‍රිජ් පොලීසිය විසින් කටයුතු කර ඇත.