යාපනය වඩමාරච්චි ධීවරයින්ට කලෙකට පසුව ලද වාසනාව

යාපනය වඩමාරච්චි ධීවරයින්ට කලෙකට පසුව ලද වාසනාව

April 18, 2018   10:43 am





යාපනය වඩමාරච්චි ධීවරයින්ගේ මාදැලකට පරා මාළු කිලෝග්‍රෑම් 10,000 කට වැඩි  ප්‍රමාණයක් ඊයේ (17) හසුවී ඇති බව යාපනය වඩමාරච්චි ධීවරයින් පවසති.

ධීවරයින් පැවසූවේ ප්‍රදේශයේ ධීවරයින් එළන ලද මා දැලකට අදාළ මාළු තොගය හමුවී ඇති අතර, එක පරා මාළුවෙකු කිලෝග්‍රෑම් එකහාමාරක පමණ බරකින් යුතු වන බවයි.

ධීවරයින් පැවසූවේ පරා මාළු රංචුවක් දැලට හසුවි ඇති අතර, අදාළ මාළු තොගය රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුතු බවයි.

ලද මාළු අස්වැන්න තොග මිළට විකිණීමට කටයුතු කිරීමට නියමිත බවද වඩමාරච්චි ධීවරයින්  පැවසූහ.

කලෙකට පසුව ඉතා විශාල මාළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් ධීවරයින් සතුටට පත්ව සිටින බවද ප්‍රදේශවාසීන් සඳහන් කළහ.