ගැටුමක් විසඳන්න ගිය පුද්ගලයෙකු ගල් ප්‍රහාරයකින් මරුට

ගැටුමක් විසඳන්න ගිය පුද්ගලයෙකු ගල් ප්‍රහාරයකින් මරුට

April 18, 2018   10:38 am

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමතයකට පත් කිරීමට ගිය පුද්ගලයෙක් ගල් ප්‍රහාරයක් වැදිමෙන් එම ස්ථානයේම මිය ගිය බව වටවල පොලීසිය පවසයි.

හැටන් වටවල තේ වත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු බහින්බස් විමක් අතර තුර එම ස්ථානයට ගැටුම සමතය පත් කිරීමට පැමිණි වයස අවුරුදු 73 ක පුද්ගලයෙක් ගල් පාරක් වැදීම නිසා එම ස්ථානයේදීම ජිවිතක්ෂට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වටවල තේ වතුයායේ පදිංචි සෙන්ගන් පොන්නුසාමි නමැත්තෙක්ය.

ඊයේ(17 ) සවස 6.00ට  පමණ අසල් වාසි පවුල් දෙකක අතර ඇතිවූ බහින් බස් විමක් ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ.

එම ගැටුමෙන් දෙපිරිසේ පුද්ගලයින් 07දෙනෙකු පමණ තුවාල ලබා වටවල රජයේ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන් අතර ප්‍රධාන සැක කරුවන් දෙදෙනාද සිටින අතර ඔවුන් පොලිස් අත්අඩංගුවේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මිය ගිය අයගේ සිරුර  වටවල රෝහලේ මෘත ශාරිරාගාරයේ තැන්පත් කර ඇති අතර සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය අද(18) අවසන් වීමෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නාවලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව වටවල පොලීසිය පවසයි.