බහින් බස් වීම දුර ගොස් පොලිස් නිලධාරියෙක් අනියම් බිරිඳගේ කොණ්ඩෙ කපයි

බහින් බස් වීම දුර ගොස් පොලිස් නිලධාරියෙක් අනියම් බිරිඳගේ කොණ්ඩෙ කපයි

April 18, 2018   09:43 am



අනියම් බිරිඳගේ කෙස් වැටිය කපා දමා ඇයට පහර දුන් කල්පිටිය ප්‍රදේශයේ සේවය කරන පොලිස් නිලධාරියෙක් 
සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය පවසයි.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ හලාවත, අඹකදවිල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු මවක්ය.

සැමියාගෙන් වෙන්වී ජීවත් වන ඇය සමඟ සැකකාර පොලිස් නිලධාරියා වසර 02 ක පමණ කාලයක සිට අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති අතර සිංහල අළුත් අවුරුදු සමයේ සැකකාර පොලිස් නිලධාරියා අනියම් බිරිදගේ නිවසට පැමිණි අවස්ථාවේදී ඇයට පහර දී තිබේ.

පසුගිය 16 වැනිදා රාත්‍රී නැවත අනියම් බිරිඳ සොයා පොලිස් නිලධාරියා පැමිණ ඇති අතර ඒ අවස්ථාවේදී ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පසුව කොස්තාපල්වරයා විසින් පැමිණිලිකරියගේ දිගු කේස් වැටිය කපා දමා තිබේ.

එම සිද්ධියෙන් පසුව ඇය හලාවත පොලීසියට පැමිණ පැමිණිලි කර අති අතර සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.