නාගල වැවේ ගිලී 1ක් මරුට
April 18, 2018 08:07 am
බිබිල, නාගල වැවේ ගිලී 19 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
ගාල්ල, ඉමදූව ප්රදේශයේ පදිංචිව සිටි එම තරුණයා පවුලේ සාමාජිකයන් සමඟ නාගල ප්රදේශයේ ඥාති නිවසකට ගොස් සිටියදී ඊයේ(17) පස්වරුවේ අදාළ වැවේ දිය නෑමට ගොස් ඇති බව වාර්තා වෙයි.
එහිදී පුද්ගලයන් දෙදෙනෙකු දියේ ගිලී ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකුගේ දිවි බේරාගෙන තිබේ.