නිදහසෙන් පසු ශ්‍රී ලංකාවට ඉහළම අන්තර්ජාතික පිළිගැනීම වර්තමානයේදී හිමිවෙලා
April 18, 2018 07:08 am
නිදහසෙන් පසු ශ්‍රී ලංකාවට ඉහළම අන්තර්ජාතික පිළිගැනීම වර්තමානයේදී හිමිව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමඟ ඊයේ පස්වරුවේ පැවති පැවති හමුවකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ලෝකයේ සෑම රටක්ම ශ්‍රී ලංකාවේ මිතුරන් බවට පත්ව ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ සමාජ වෙබ් අඩවි ලෝකයේ සෑම රටකටම අභියෝගයක් වී ඇති බවයි.
මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව අද ආරම්භ වෙයි.
ජනාධිපතිවරයා අද ව්‍යාපාරික සමුළුව ඇමතීමට නියමිත බව එංගලන්තයේ සිට තොරතුරු ගෙන එන අද දෙරණ ප්රවෘත්ති අංශයේ යුවරාජ් අතුකෝරල ප්‍රකාශ කළේය.
මේ අතර මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවට වෙළඳ හා මූල්‍ය වශයෙන් ඉතා වාසිදායක බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ලන්ඩන් නුවරදී ප්‍රකාශ කළේය.
මේ අතර බ්‍රිතාන්‍යයේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුගීෂ්වර ගුණරත්න මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළේය.