විදේශීය යුවළකට පහරදී හිරිහැර කිරීමේ සිද්ධිය-සංචාරක හෝටලය තාවකාලිකව වැසෙයි
April 18, 2018 07:03 am
විදේශීය යුවළකට පහරදී හිරිහැර කිරීමේ සිද්ධියට සම්බන්ධ මිරිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලය තාවකාලිකව වසා දැමීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නියෝග කර තිබේ.
විෂය භාර අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද දෙරණ කළ විමසීමකදී ප්‍රකාශ කළේ නිලධාරීන් අදාළ තීරණය පිළිබඳ තමාට දැනුම් දුන් බවයි.
පසුගිය 08 වනදා සිදුවූ පරදීම සම්බන්ධයෙන්සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයින්ට හිරිහැර කරන පුද්ගලයන්ට දේශපාලන අනුග්රහයන් පවතින බවට හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.