අමෙරිකාවේ විශාලතම සහන මෙහෙයුම් නෞකාව ශ්‍රී ලංකාවට ඒමට නියමිතයි

අමෙරිකාවේ විශාලතම සහන මෙහෙයුම් නෞකාව ශ්‍රී ලංකාවට ඒමට නියමිතයි

April 18, 2018   06:58 am



‍අමෙරිකානු පැසිෆික් සහයෝගීතා මෙහෙයුම් යටතේ අමෙරිකාවේ විශාලතම මානුෂීය සහයෝගීතාව සහ ආපදා සහන මෙහෙයුම් නෞකාව මේ වසරේ දෙවන වරටත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ යූ.එස්.එන්.එස් මර්සි නෞකාව මේ වන විට මැලේසියාවේ රැඳී සිටින බවයි.

මේ වසරේ පෙබරවාරි මාසයේදී ද අදාළ නෞකාව මෙරටට පැමිණ තිබුණි.

ඒකාබද්ධ අභ්‍යාස, සහන සේවා කටයුතු පිළිබඳ පුහුණූව, වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඇතුළු වැඩසටහන් රාශියක් සිදුකිරීම සඳහා එම නෞකාව රටවල් කිහිපයක සංචාරයක නිරත වෙයි.

ඒ අනුව මෙරටට පැමිණෙන අදාළ නෞකාව මානුෂීය සහන සහ ආපදා සම්බන්ධයෙන්  වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතය.