විශේෂිත බස් රථ සේවාව 25 දක්වා ක්‍රියාත්මකයි
April 18, 2018 06:54 am
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ක්‍රියාත්මක කරන විශේෂිත බස් රථ සේවාව මේ මස 25 වනදා දක්වා ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලයේ ධාවන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.එච්.ආර්.ටී චන්ද්‍රසිරි මහතා පැවසුවේ පළාත් මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් සාර්ථක ලෙස ජනතාවට ප්‍රවාහන පහසුකම් සලසමින් පවතින බවයි.
වාර්තාගත ඉහළ ආදායමක් ලබාගැනීමට ද ලංකා ගමනාගමන මණ්ඩලයට හැකිවී ඇති බව පී.එච්.ආර්.ටී චන්ද්‍රසිරි මහතා පැවසුවේය.