පකිස්ථානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නාවික හමුදාපති හමුවෙයි

පකිස්ථානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නාවික හමුදාපති හමුවෙයි

April 17, 2018   10:49 pm



අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිණි පකිස්ථානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත කණ්ඩායම් ප්‍රධානී, මේජර් ජෙනරාල් ෆයසු හුසෙන් ෂා මහතා ඇතුළු නියෝජිතයින් පිරිස අද (අප්‍රේල් 17) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

මෙම නියෝජිත පිරිසට පකිස්ථානු ආරක්ෂක අංශ නිලධාරින්, සිවිල් සේවයේ නියුතු නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ජාතික ආරක්ෂක හා යුධ අභ්‍යාස පාඨමාලාවට අයත් සෞදි අරාබිය සහ චීන ආරක්ෂක අංශයට අනුයුක්ත නිලධාරින් ඇතුළුව නිලධාරීන් 21 දෙනෙකු ඇතුළත් වූ අතර, එහිදී ඔවුන්  අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත විය. 

ඉන් අනතුරුව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව පිළිබඳව එම නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා සවිස්තරාත්මක දේශණයක් ද ඉදිරිපත් කරන ලදී.

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, ශ්‍රී ලංකාවේ පකිස්ථාන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලි මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ. 

එම සුවිශේෂි අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමා සහ මේජර් ජෙනරාල් ෆයසු මහතා අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.