සුද්දිට අතරවර කර ඕලන්ද ජාතිකයාට පහරදුන් සිද්ධියේ 6ක් රිමාන්ඩ්

සුද්දිට අතරවර කර ඕලන්ද ජාතිකයාට පහරදුන් සිද්ධියේ 6ක් රිමාන්ඩ්

April 17, 2018   08:38 pm



පසුගියදා මිරිස්ස ප්‍රදේශයේ දී විදෙස් කාන්තාවකට අතවර කර ඕලන්ද ජාතිකයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

අද  කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය.

එමෙන්ම වැලිගමදී  ඊශ්‍රායල ජාතිකයෙකුට පහරදීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඒ මහතා කියා සිටියේය.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරුකිරීම පිළිබඳව එහිදී විෂය භාර අමාත්‍ය ජෝන් අමරතුංග මහතාද අදහස් දැක්වූ අතර ඒ මහතා කියා සිටියේ සංචාරක පොලීසිය ශක්තිමත් කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති නමුත් ඒ පිළිබඳව ක්‍රියාත්මකවීමක් දැකිය නොහැකි බවත්ය.

වෙරළක් ආසන්නයේ පොලිස් නිල ඇදුමක් දැකීමෙන් සිදු වන මෙවැනි සිද්ධීන් අවම කර ගත හැකි බව පැවසූ ඒ මහතා කියා සිටියේ සංචාරකයින් මෙරටට පැමිණි පසු ඔවුන්ට නිසි ආරක්ෂාවක් ලබා දී ඔවුන් නැවත ලංකාවට පැමිණීමට කැමැත්තක් ඇති වන ආකාරයේ සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යාම රටේ වගකීමක් බවයි.