අලී ලරිජානි හෙට එයි

අලී ලරිජානි හෙට එයි

April 17, 2018   08:14 pm


ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක අලී ලරිජානි මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතය.

දිවයිනට පැමිණෙන ඉරාන කථානායකවරයා දින 02 ක් මෙරට රැඳී සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සිය වියට්නාම සංචාරයෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම  ඉරාන කථානායකවරයාගේ මෙරට සංචාරයේ අරමුණ වී තිබේ.

දිවයිනට පැමිණෙන ඉරාන කථානායකවරයා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් කිහිප දෙනෙකු මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතය.

එමෙන්ම සිරියාවේ දැනට පවතින යුධමය වාතාවරණය සම්බන්ධයෙන් ද මෙරට  ඉහළ පෙලේ නිලධාරීන් සමඟ අලි ලරිජානි මහතා සාකච්ඡා කිරීමට නියමිත බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර මේ වන විට ඉරාන කථානායකවරයා වියට්නාමයේ සංචාරයක නිරතවෙමින් සිටියි.