රාජිත නීතිය අතට අරන් නෑ-නීතිය හා සාමය බාර මටයි

රාජිත නීතිය අතට අරන් නෑ-නීතිය හා සාමය බාර මටයි

April 17, 2018   06:58 pm

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය මෙහෙය වීමට අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අයිතියක් නැතැයි විෂයභාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා අද මේ බව සඳහන් කළේය.

රාජිත සේනාරත්න මහතාට නීතිය අතට ගෙන නොමැති බවත් නීතිය හා සාමය බාර අමාත්‍යවරයා වශයෙන් තමා නීතිය සුරැකීමට අවශ්‍ය පියවර ගන්නා බව ද මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර අද වන විට අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය බලය ලබා දී තිබෙන බව ද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.