පුතු ඉදිරියේ මව වෑන් රථයක ගැටෙයි-වෑන් රථය පළා යයි(CCTVදර්ශන සහිතයි)

පුතු ඉදිරියේ මව වෑන් රථයක ගැටෙයි-වෑන් රථය පළා යයි(CCTVදර්ශන සහිතයි)

April 17, 2018   06:45 pm

මීපේ ඉංගිරිය මාර්ගයේ අරකාවිල සවුගස්හන්දිය ප්‍රදේශයේදී වෑන් රථයක් පදික කාන්තාවකගේ ගැටී පසුව රථය නොනවත්තා ධාවනය කරන ආකාරය ඇතුළත් රිය අනතුරක්  සී.සී.ටීවී කැමරාවක සටහන්ව තිබෙන අයුරු අද දෙරණට වාර්තා විය.

සිය පුතු සමඟ පාරේ අයිනෙන් ගමන් කරමින් සිටිය දී මෙම අනතුර සිදු වන අතර අනතුරින් ඇයගේ කකුළට දැඩි ලෙස හානි සිදුව තිබේ.

ඊයේ(16) රාත්‍රී 10.30ට පමණ මෙම අනතුර සිදුව තිබු අතර තුවාල ලැබූ  කාන්තාව මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.