වෑන් රථ 2ක් මුහුණට මුහුණ ගැටී 16ක් රෝහලේ-1ක් මරුට

වෑන් රථ 2ක් මුහුණට මුහුණ ගැටී 16ක් රෝහලේ-1ක් මරුට

April 17, 2018   06:00 pm

අද(17) සවස 3.30ට පමණ වැලිමඩ-නුවරඑළිය මාර්ගයේ කැප්පෙටිපොළ හංදිය අසලදී වෑන් රථ දෙකක් මුහුණ මුහුණ ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා එක් අයෙක් මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වන විට වැලිමඩ රෝහලේ තැන්පත් කර ඇත.

තුවාලකරුවන් අතරින් 10 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහල වෙත මාරු කර යවා ඇත.

වැලිමඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.