දෙපිරිසක් ගැටිලා-1කට බරපතළයි

දෙපිරිසක් ගැටිලා-1කට බරපතළයි

April 17, 2018   05:28 pm



යාපනයේ කන්කසන්තුරේ නල්ලිනක්කපුරම් ප්‍රදේශයේ දෙපිරිසක් අතර 16 දා රාත්‍රියේ සිදු වූ පහරදීමකින් එක් අයෙකු බරපතළ ලෙස තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

යතුරු පැදිවලින් මේ ගම්මානයට පැමිණි පිරිසක් ගම්මානයේ අයට පහර දී ඇති අතර එම පහර දීමේදී එක් අයෙකුව සියුම් ආයුධයකින් කැපීම නිසා ඔහු බරපතල ලෙස තුවාල ලබා තිබේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ යාපනයේ කන්කසන්තුරේ පොලීසිය සැකකරුවන් දොළොස් දෙනෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යයි.

පහර දීම සඳහා තරුණයින් දෙදෙනෙකු පැමිණි යතුරු පැදියක්ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

කන්කසන්තුරේ පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.