පස්වරුවේ දිවයිනේ  ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

April 17, 2018   04:21 pm




අද පස්වරුවේ දිවයිනේ  ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණු සහ මධ්‍යම යන පළාත් වල ඇතැම් ස්ථානවලට මෙම තද වැසි අපේක්ෂා කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවලට තාවකාලික තද සුළංද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මීට අමතරව සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්ය.