ගල්කොටුකන්ද රක්ෂිතයේ ගංජා වගාවක්

ගල්කොටුකන්ද රක්ෂිතයේ ගංජා වගාවක්

April 17, 2018   02:58 pm



හම්බෙගමුව, ගල්කොටුකන්ද රක්ෂිතයේ තිබූ ගංජා වගාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් විනාශ කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසියකදී රක්ෂිතයේ ස්ථාන දෙකක තිබූ මෙම ගංජා වගාවන් සොයාගෙන ඇති බව සඳහන්ය.

ඒ අනුව එම වගාවන් ගිනි තබා විනාශ කිරීමට විශේෂ කාර්ය බලකාය පියවර ගෙන තිබේ.

සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අතර ගලකොටුකන්ද වනජීවී කාර්යාලය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.