දින තුනක් හුස්ම ගන්න ඔක්සිජන් කිලෝ ග්‍රෑම් 48 ක් හොයා ගන්න බැරිව දුක්විඳින කාන්තාවක්

දින තුනක් හුස්ම ගන්න ඔක්සිජන් කිලෝ ග්‍රෑම් 48 ක් හොයා ගන්න බැරිව දුක්විඳින කාන්තාවක්

April 17, 2018   01:52 pm

මිනිසුන්ට වැළදෙන රෝග අතර ඉතාමත් දුර්ලභ රෝගයක් වන පෙනහළු හැකිලෙන රෝගයකින් පෙළෙන දෙදරු මවක්  ජනතා උපකාරය අයැද සිටින පුවතක් අද දෙරණට වාර්තා විය.

රත්තනපුර - ඇහැලියගොඩ, තලාවිටිය ප්‍රදේශයේ පදිංචි ඇය නමින් එච්.ජී. විජිතා රූපසිංහ නමැති වයස අවුරුදු 40 ක් වන දෙදරු මවක්ය.

මීට වසර 9කට ඉහතදී ඇති වූ මෙම රෝගී තත්ත්වය හේතුවෙන් දිනකට වරක් කෘතීමව ඔක්සිජන් ලබා දීම සිදුකළ ඇති අතර වර්තමානය වන විට පැය 24 පුරාවට අඛන්ඩව ඇයට ඔක්සිජන් ලබා දීමට සිදුවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

රෝගයෙන් පීඩා විඳින මෙම මවගේ ස්වාමි පුර්ෂයා පෞද්ගලික ආයතනයක කම්කරුවෙක් ලෙස සිය වෘත්තීය කටයුතු කරයි.

විජිතාට දින 3කට 48kg ඔක්සිජන් ටැංකියක් අවශ්‍ය අතර එයද මිලදී ගැනීම සඳහාද 24km දුරක් ගෙවා රත්නපුර නගරයට යායුතු බවත් ඇයට මෙම රෝගය හේතුවෙන් දිනකට රුපියල් 3000ක පමණ මුදලක් විදම් වන බවද ඇය පැවසීය.

ඇගේ අහිංසක ඉල්ලීම වනුයේ විදුලියෙන් භාවිත කිරීමට හැකි ඔක්සිජන් යන්ත්‍රයක් ලබා ගැනීම පමණක් වන අතර එම යන්ත්‍රය මිලදී ගැනීමට තරම් ඔවුන්ට ආර්ථිකමය ශක්තියක් නැති බවත් වාර්තා වෙයි.

දවසක් හෝ ජීවත්වීමට සිහින දකින රජිතා රූපසිංහ උපකාර කිරිමට කැමති කෙනෙක් සිටිනම් 0774703816  දුරකථන අංකවලට අමතන ලෙස ඇගේ ස්වාමිපුර්ෂයා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.