ආර්ථික මළ මිනිය ගෙදර තියන් දේශපාලඥයෝ සූදු දානවා

ආර්ථික මළ මිනිය ගෙදර තියන් දේශපාලඥයෝ සූදු දානවා

April 17, 2018   01:32 pm

රටේ ආර්ථිකය නැමති මළ මිනිය නිවස තුළ තබා ගෙන විවිධ දේශපාලන නායකයින් සූදු දමන තත්ත්වයකට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද(17) කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

රට පරදුවට තබා තමන්ගේ බල අර්ගලයේ යෙදෙන ස්භාවක් නිර්මාණය වීම තුළින් විශාල ආර්ථික අස්ථාවරත්වයක්  රටේ තුළ නිර්මාණය වී ඇති බව පැහැදිළි වන බව ඒ මහතා සඳහන් කරයි.

නැවත රට ගොඩනැගීමට නම් නව අග්‍රමාතයවරයෙක් සමඟින් නව කැබිනට් මණ්ඩලයක් සහ නව පාර්ලිමේන්තුවක් ඇතිවන ලෙස වහාම පාර්ලිමේන්තු විසුරුවා හැරිය යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් මන්ත්‍රීවරුන් විසින් තවදුරටත් මේ ගමන යාමට නොහැකි බව පෙන්වා දී ඇති අතර ඔවුන් විපක්ෂයේ අසුන් ගැනීම වැලක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් පර්ලිමේන්තු සභා වාරයද අවසන් කළ බවද මන්ත්‍රීවරයා පවසයි.

තවද ආණ්ඩුවට ජනාතා විමුක්ති පෙරමුණ රහිතව තුනෙන් දෙක අහිමි වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.