නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ  35ක් අත්අඩංගුවට

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 35ක් අත්අඩංගුවට

April 17, 2018   01:27 pm




නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 35 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දින කිහිපය තුළ සිදුකළ වැටලීම්වලින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

කුදිරමලෙයි ප්‍රදේශයේදී පුද්ගලයින් 11 දෙනෙකු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදි ධීවරයින් 26 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සමඟ ධීවර යාත්‍රා සහ තහනම් දැල් මෙන්ම අල්ලන ලද මත්ස්‍ය තොගද සිය බාරයට ගත් බව නාවික හමුදාව පැවසුවේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් ත්‍රීකුණාමලය සහ පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂවරුන් වෙත බාර දී තිබේ.