බස් රථයක් හා ත්රීරෝද රථයක් ගැටී පිළිස්සි බරපතළ තත්ත්වයෙන් සිටි අයෙක් මරුට-බිරිඳ හා දරුවන් තවමත් රෝහලේ
April 17, 2018 01:18 pm
අම්බලන්තොට මිරිජ්ජවිල ප්රදේශයේදී බස්රථයක් හා ත්රිවිල් රථයක් එකට ගැටීමෙන් පසු ත්රීවිල් රථය හා බස් රථය ගිනි ගැනීම නිසා බරපතළ තුවාල ලබා හම්බන්තොට රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි පුද්ගලයින් සිව්දෙනා අතරින් ත්රිවිල් රථය පදවා ගෙන ගිය පුද්ගලයා අද (17) උදෑසන මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ හසලක උඩුදුම්බර ප්රදේශයේ පදිංචි ධම්මික බණ්ඩාර වික්රමසිංහ නමැති වයස අවුරුදු 37 ක අයෙකු වේ.
එමෙන්ම එම අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා මේ වන විටත් හම්බන්තොට මහා රෝහලේ ප්රතිකාර ලබති.
මේ ආකාරයෙන් තුවාල ලබා සිටින අය අතර මිය ගිය අයගේ බිරිඳ වන වාසනා කුලසේකර වන වයස අවුරුදු35ක,සිනෙත් වික්රමසිංහ වන වයස අවුරුදු 8ක පුතා හා නෙතුනි සියත්නා වික්රමසිංහ යන වයස අවුරුද්දක් වන සිඟිත්ති දියණියද වෙයි.
හසලක සිට අම්බලන්තොට ප්රදේශයේ වෙදමහතෙකුන් ප්රතිකාර ගැනීම සඳහා මොවුන් පැමිණෙමින් සිටින අතර අම්බලන්තොට මිරිජ්ජවිල ප්රදේශයේදී මෙම අනතුරට ලක්වී තිබේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා අම්බලන්තොට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද(17) හම්බන්තොට මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත වෙයි.