ජනපති අද බ්‍රිතාන්‍ය අගමැතිනිය හමුවෙයි

ජනපති අද බ්‍රිතාන්‍ය අගමැතිනිය හමුවෙයි

April 17, 2018   12:10 pm

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද(17) දිනයේ පැවැත්වීමට නියමිතයි.

එහිදී අග්‍රාමාත්‍යවරිය සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති.

අනතුරුව අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවීමටද සැලසුම් කර තිබේ.

එමෙන්ම ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකිරීමට නියමිතව තිබෙන්නේ හෙට(18) දිනයේදීයි.