හෙරොයින් එක්ක 1ක් මාට්ටු
April 17, 2018 11:56 am
හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු බොරැල්ල සීවලි පටුමග ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්රෑම් 02යි මිලිග්රෑම් 500ක් පොලීසිය බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.