කැනේඩියානු ජාතික ඝාතකයාගේ 8 වෙනි බිල්ල ශ්‍රී ලංකා ජාතිකයෙක්

කැනේඩියානු ජාතික ඝාතකයාගේ 8 වෙනි බිල්ල ශ්‍රී ලංකා ජාතිකයෙක්

April 17, 2018   11:41 am



බෘස් මැක්ආතර් නමැති කැනේඩියානු ජාතික ඝාතකයෙකු විසින් තමන්ගේ 8 වෙනි ඝාතනය ලෙස ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයට ලක් කර තිබේ.

කැනඩා පොලීසිය විසින්  අනාවරණය කරගෙන ඇත්තේ අවුරුදු 66 ක් පමණ වයසැති ඔහු විසින් කිරුෂ්නා කුමාර් කනගරත්නම් නමැති වයස අවුරුදු 37ක පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක් කර ඇති බවයි. 

කනගරත්නම් නැමැති පුද්ගලයා 2015 සැප්තැම්බර් 3 සහ දෙසැම්බර් 14 අතර කාලයකදී මිය ගිය බව පොලීසිය විශ්වාස කරයි.

2010 දී කැනඩාවට පැමිණි ඔහු ටොරොන්ටෝ ප්‍රදේශයේ ජීවත් විය.

මාර්තු මාසයේ දී, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ ඡායාරූපයක් පොලීසිය විසින් මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ අතර ඒ ඔස්සේ කළ පරීක්ෂණවලදී මෙම ඝාතක සැකකරු සොයාගෙන තිබේ.

පසුගිය සතියේ අවසන් වරට නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා ඇත්තේ සාර්ථක ලෙස සැකකරු හඳුනාගෙන ඇති බවයි.

ටොරොන්ටෝ පොලිස් පරීක්ෂක හැන්ක් ඉඩ්සින්ගා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජීවත් වන කනගරත්නම්ගේ පවුලට ඔහුගේ මරණය පිළිබඳ සති අන්තයේදී දැනුම් දුන් බවයි.