බස් නැතිව ජනතාව පීඩාවට

බස් නැතිව ජනතාව පීඩාවට

April 17, 2018   11:24 am



සිංහල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව සිය ගම්බිම්වලට සහ රැකී රක්ෂාවලට ගමන් කිරීමට පොදු ප්‍රවාහන බස් සේවාව ප්‍රමාණවත් නොවීම නිසා මගී ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව ඔවුහු පවසති.

දඹුල්ල ප්‍රධාන බස් නැවතුම්පොලේ සහ ප්‍රධාන මාර්ගයේ විශාල වශයෙන් 17 දින අලුයම් කාලයේ මඟී ජනතාව පිරී සිටින අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි. 

මගී ජනතාව කියා සිටියේ දුර ගමන් සේවා බස්රථ ප්‍රමාණවත් නොවීම නිසා මෙම තත්ත්වය උදා වී තිබෙන බවය. 

එමෙන්ම කොළඹ කුරුණෑගල මහනුවර ආදී ප්‍රදේශවලට බස්රථ කඩින් කඩ පැමිණියද අධික ජනතාවක් නිසා බස් රථ තුළ විශාල තදබදයක් පවතින බව ජනතාව පෙන්වා දෙති.

දුර ගමන් සේවා සඳහා පැමිණෙන සීමිත බස්රථවල නැගිම සඳහා බස් රථවලට ගොඩ වීම සඳහා මගේ ජනතාව පොරකන ආකාරයක් දඹුල්ල නගරයේදී දැක ගැනීමට හැකියාව ලැබිණි.

දඹුල්ල බස් ඩිපෝවේ ප්‍රකාශකයෙකු කියා සිටියේ බස් රථ සියල්ල ධාවනය සඳහා එක්කර තිබෙන බවත් දුර ගමන් සේවාවලට වඩා කෙටි ගමන් සේවා සඳහා බස් රථ යොදවා තිබිණ බවය. 

කෙසේවෙතත් මඟී ජනතාව කියා සිටින්නේ ප්‍රවාහන පහසුකම් නොමැති වීම නිසා ඔවුහු දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවයි.