අගමැති ගිය තැනක්

අගමැති ගිය තැනක්

April 17, 2018   11:03 am

බගවන්තලාව ප්‍රදේශයේ  සංචාරක කර්මාන්තය දියුණු කිරිම පිළිබඳව සොයා බැලිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) උදැසන බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක නියැලී තිබේ.

බගවන්තලාව ටින්සින් ප්‍රදේශයේ ගොල්ෆ් ක්‍රිඩාංගනයක් ඉදි කිරිම පිළිබඳව සොයා බැලිමට අග්‍රාමාත්‍යවරයා මෙලෙස මෙම සංචාරයේ එක්ව ඇත.

බගවන්තලාව කෙසෙල්ගමුඔය අසල ගෝල්ෆ් ක්‍රිඩාංගණයක් ඉදිකිරිම සඳහා විශාල ඉඩමක් තිබෙන අතර එම ඉඩමේ ගෝල්ෆ් ක්‍රිඩාංගණයකි ඉදිකිරිමට අවධානය යොමු වි ඇත.

මෙම අවස්ථාවට එ.ජා.ප. මස්තකළිය ආසනයේ සංවිධායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතාද සහභාගි විය.