වන අලි පහරින් පුද්ගලයෙකුට බරපතළයි
April 17, 2018 09:46 am
වන අලියෙකු පහර දීමෙන් බරපතළ ලෙස තුවාල ලබා ඇති අයෙකු ප්රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව කරුවලගස්වැව පොලීසිය පවසයි.
ඊයේ(16) රාත්රී 11.30 ට පමණ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ මී ඔය පාලම ආසන්නයේදී මෙම පහර දීම සිදුවී තිබේ.
පහරකෑමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ පුත්තලම, කරුවලගස්වැව පදිංචිකරුවෙකු වන ආර්.ඩී.ඒ.මධුෂාන් බණ්ඩාර නැමති 32හැවිරිදි පුද්ගලයෙක්ය.
වන අලි ප්රහාරයට ලක්වූ පුද්ගලයා පාපැදියකින් ගමන් කරමින් සිටින අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇති බව පොලීසිය සඳහන් කරයි.
තුවාලකරුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.