‍අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන කාර්මික දෝෂවලට ලක්වීමෙන් මාර්ග නඩත්තු අංශ අපහසුතාවයක

‍අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන කාර්මික දෝෂවලට ලක්වීමෙන් මාර්ග නඩත්තු අංශ අපහසුතාවයක

April 17, 2018   07:12 am

අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන කාර්මික දෝෂවලට ලක්වීම මේ වන විට බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගයේ ධාවනය වූ රථ වාහන 70කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටත් විවිධ කාර්මික දෝෂවලට ලක්ව එම මාර්ගයේ ස්ථාන කිහිපයක නවතා දමා ඇති බවයි.

මෙම කාර්මික දෝෂවලට ලක්වන රථ වාහන ඉවත් කිරීමට දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයින් කටයුතු කළ ද මෙම රථ වාහන අධිවේගි මාර්ගවලට ඇතුළත් කිරීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව එස්.ඕපනායක මහතා සඳහන් කළේය.