නව වසරේ සාදය ගැටුමකින් අවසන්-5ක් රෝහලේ

නව වසරේ සාදය ගැටුමකින් අවසන්-5ක් රෝහලේ

April 17, 2018   06:07 am

මුලතිව් කුමුනමුනෙයි ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව මුලතිව් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ නව වසර වෙනුවෙන් පැවැත්වු සාදයකින් අනතුරුව ඊයේ (16) ගැටුම හටගෙන ඇති අතර, ගැටුමින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාලකරුවන් මුලතිව් රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර, තුවාලකරුවන්ගේ තත්වය බරපතළ ‍නොවන බවද පොලිසිය සඳහන් කළේය.

පොලිසිය පැවසූවේ පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතු වි ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන බවයි.