මොරවැව ප්‍රාදේශීය සභාවේ  සභාපතිධූරය පූජ්‍ය පක්ෂයට

මොරවැව ප්‍රාදේශීය සභාවේ සභාපතිධූරය පූජ්‍ය පක්ෂයට

April 16, 2018   06:58 pm



ත්‍රීකුණාමලය මොරවැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන හිමියන් තේරී පත්ව තිබේ.

සභාපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා අද පෙරවරුවේ ඡන්ද විමසීම පැවති අතර එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය එක්ව උපරතන හිමියන්ට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

මෙවර පළාත් පාලන ආයතනයක සභාපතිධූරය සඳහා හිමි නමක් තේරී පත් වූ පළමු අවස්ථාව මෙය බව සඳහන්ය.